පිතිකරුවන් ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී ලංකාවට සැනසුම්දායක ජයක් හිමි කර දෙයි

Date:

කුසල් මෙන්ඩිස්ගේ හා චරිත් අසලංකගේ අනර්ඝ පිතිහරඹයත්, ඇන්ජෙලෝ මැතිව්ස් හා වනිදු හසරංග ඉනිමට ලබා දුන් වේගවත් අවසානයත් හේතුවෙන් 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ අවසන් තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 83 ක දැවැන්ත හා සැනසුම්දායක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(17) සමත් වුණා.

Gros Islet හී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගනිමින්. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ සම ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක පළමු පන්දුවාරයේ දී ම ලකුණු නොලබා දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 17 යි. කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 46 ක් ද, ධනංජය ද සිල්වා පන්දු 26 කින් ලකුණු 34 ක් ද, චරිත් අසලංක පන්දු 21 කින් ලකුණු 46 ක් ද රැස් කළා. අසලංකගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහරක් ඇතුළත්.

ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 15 කින් නොදැවී ලකුණු 30 ක් හා වනිදු හසරංග පන්දු 6කින් නොදැවී ලකුණු 20 ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය වේගවත් අවසානය ලබා දුන්නා. මෙම තරගයේ දී දසුන් ශානක පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී Logan van Beek ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ ලකුණු 31 බැගින් ලබා ගත් නායක Scott Edwards හා Michael Levitt. Max O’Dowd හා Sybrand Engelbrecht ලකුණු 11 බැගින් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මතීෂ පතිරණ ලකුණු 12 කට කඩුලු දෙකක් බිද හෙලුවා. වනිදු හසරංග කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 25 ක් ලබා දෙමින්.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් මූලික වටය අවසන් කළා.

මේ අතර, අද පැවැති තවත් තරගයකින් නේපාලය පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ ද පරාජයට පත් වූ නෙදර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

[team_standings 59915]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...