“පාලනය කළ හැකි දේවල් ගැන පමණක් හිතන්න” – මහේල

Date:

ක්‍රීඩාවේ දී තමන්ට පාලනය කළ හැකි දේවල් ගැන පමණක් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඒ, කොරෝනා වසංගත තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් සහ ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබද ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමග අන්තර්ජාලය ඔස්සේ සිදු කළ සාකච්ඡාවකට එක්වෙමින්.

ධණාත්මකව මනස සකස් කර ගැනීම සදහා සහ මනස පාලනය කර ගැනීම සදහා මෙම අවස්ථාවේ දී වැඩි අවධානයක් යොමු කළ හැකි බවත්, අලුත් දේවල් කිරීම වෙනුවෙන් මනස සකස් කර ගත යුතු බවත්, මහේල පෙන්වා දෙනවා.

අයි.පී.එල් තරගාවලිය ද තාවකාලිකව කල් දමා ඇති බැවින් එම තරගාවලියට එක් වන ක්‍රීඩකයින් තම දක්ෂතා රදවා ගැනීම සදහා තම තමන් විසින්ම සැලසුම් සකස් කර ගත යුතු බවයි ඔහු සදහන් කර සිටියේ.

“පුහුණුකරුවන් වශයෙන් අපිට අවවාද දෙන්න පුලුවන්. නමුත් ක්‍රීඩකයින්ට තමයි ඒ වගකීම තියෙන්නේ තමන් කොහොමද හැඩ ගැසෙන්නේ කියන එක. තමන් තම හැකියාවන් කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියන එක ගැන සැලසුමක් සකස් කර ගත යුතුයි. මේක ඒකට හොද කාලයක්. මනස ඒ සදහා හොදින් යොදවන්න පුලුවන් කාලයක්.”

යනුවෙන් මහේල ජයවර්ධන කියා සිටියා.

ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධාන කළ මෙම සංවාදයට අදාළ සම්පූර්ණ වීඩියෝ දර්ශනය පහතින් –

𝕃𝕖𝕥'𝕤 𝕄𝕖𝕖𝕥 𝕄𝕒𝕙𝕖𝕝𝕒

Let’s Meet Mahela!Sri Lankan Cricket legend Mahela Jayawardena meets Sri Lankan leading athletes in a webinar!Topic: “How to cope with this pandemic situation and overcome the challenge to continue the training effectively – An Expert View"#NOCSL #Mahela #Covid19 #SriLankaSports #SriLankaAthletes

Posted by National Olympic Committee of Sri Lanka on Saturday, May 9, 2020

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...