පාකිස්තාන තරගයට වෙන වෙනස්කම් ගැන චරිත් කරුණු පහදයි

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(23) පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව නායක චරිත් අසලංක පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සදහන් කළේ පාකිස්තාන කණ්ඩායමේ වමත් පිතිකරුවන් රැසක් සිටින බැවින් දග පන්දු යවන්නෙකුගේ වෙනසක් සිදු විය හැකි බවයි.

ඒ අනුව බොහෝ විට දුනිත් වෙල්ලාලගේ වෙනුවට මහීෂ් තීක්ෂණ කණ්ඩායමට කැදවීමට අද පියවර ගනු ඇති.

ඊට අමතරව පිතිකරුවෙකු වෙනුවට පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් ද කණ්ඩායමේ අවධානය යොමුව ඇති බවයි චරිත් සදහන් කළේ.

ඒ අනුව චාමික කරුණාරත්නට කණ්ඩායමට ඇතුළත් වීම සදහා අද දිනයේදී වැඩි අවස්ථාවක් පවතින බව දක්නට ලැබෙනවා.

“ප්‍රධාන පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් යද්දී විශේෂයෙන්ම අපි ගානක් ඩිෆෙන්ඩ් කරද්දී අපිට පොඩි අමාරුවක් තියෙනවා වගේ පේනවා. ගොඩක් වෙලාවට අමතර පන්දු යවන්නෙක් ක්‍රීඩා කරාවි.” යනුවෙන් චරිත් සදහන් කළා.

“ඒ 4 දෙනාගේ ඕවර්ස් 16 හැරුණම අපි ඕවර්ස් 4 ක් අනිවාර්යයෙන්ම දසුන් ශානකත්, මමත්, කමිදුත් අතරේ පන්දු යැවිය යුතුමයි. මේක අපි විසදා ගත යුතු ප්‍රශ්නයක්. ඉස්සරහට අපිට වැදගත් ලෝක කුසලානයක් එනවා. ප්‍රධාන පන්දු යවන්නන් හතර දෙනාගේ ඕවර් 16 න් සමහර වෙලාවට ඕවර්ස් දෙක තුනක් අවුට් යන දවස් තියෙනවා. අපේ හොදම පන්දු යවන්නන් සමහර වෙලාවට ලකුණු 40 කට 45 කට යන වෙලාවල් තියෙනවා. ඒ වාගේ වෙලාවට නායකයෙක් විදිහට මටත් හරිම අමාරුයි තීරණ ගන්න. මං ට්‍රයි කරනවා පුලුවන් තරම් සාර්ථක වෙයි කියලා හිතන දේවල් කරන්න. පිතිකරුවන් ඊට වඩා හොද වුණොත් මට කරන්න දෙයක් නෑ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...