පාකිස්තානය ලකුණු 91 කට දැවී යයි – නවසීලන්තයට සුපිරි ජයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගවාලියේ පළමු තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

ක්‍රයිස්චර්ච්හීදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයේ සියලු දෙනා පන්දුවාර 18.4 ක් අවසානයේ ලකුණු 91 කට දැවී ගියා.

කුෂ්දිල් ශාහ් ලකුණු 32 ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ජේකබ් ඩෆී ලකුණු 14 කට කඩුලු 4 ක් ද, ක්යල් ජමීසන් ලකුණු 8 කට කඩුලු 3 ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 10.1 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ටිම් සයිෆර්ට් ලකුණු 44(29) ක්, ෆින් ඇලන් නොදැවී ලකුණූ 29(17) ක් හා ටිම් රොබින්සන් නොදැවී ලකුණු 18(15) ක් රැස් කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...