පාකිස්තානය පරදා එංගලන්තය ශූරයින්ගේ කුසලානයට සුදුසුකම් ලබයි

Date:

පාකිස්ථානයට එරෙහිව ලකුණු 93 ක ජයක් වාර්තා කරමින් 2019 ලෝක ශුරයින් වූ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සැනසුම්දායක අයුරින් අවසන් කිරීමට අද(11) සමත් වුණා.

ඒ, 2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ස්ථානයක් ද හිමි කර ගනිමින්. මෙම පරාජයත් සමග පාකිස්තානයට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ද අත්හැර ගැනීමට සිදු වුණා.

ශුද්ධ ලකුණු වේගය ඉහළ නංවා ගනිමින් නවසීලන්තය අභිබවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් පාකිස්තානය කොල්කටා හී දී පැවැති අද තරගයේ දී එංගලන්තයෙන් ලද ලකුණු 338 ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 6.4 ක් තුළ ලබා ගත යුතුව තිබුණා.

කිසිසේත් සපුරා ගත නොහැකි එම අභියෝගය අමතක කළ පාකිස්තාන පිතිකරුවන් තරගය ජය ගනිමින් ඉහළ මානසිකත්වයකින් මෙම තරගාවලිය අවසන් කිරීමේ අරමුණ ඇතිව පිටියට පිවිසි නමුත්, ඔවුන්ට පන්දුවාර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 244 ක් පමණයි.

අගා සල්මාන් ලකුණු 51 ක්, බාබර් අසාම් ලකුණු 38 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 36 ක් රැස් කළා. හැරිස් රවුෆ් ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී මෙම තරගයෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා ඩේවිඩ් විලී කඩුලු 3 ක් දවා ගත් අතර, අඩිල් රෂිඩ්, ගස් ඇට්කින්සන් හා මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළ ලකුණු 337 ක් රැස් කළේ කඩුලු 9 ක් දැවී සිටියදීයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 84 ක් ලබා ගත් අතර, ජෝ රූට් ලකුණු 60 ක් හා ජොනී බෙයාර්ස්ටව් ලකුණු 59 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් කඩුලු 3 ක් මෙන්ම ශහීන් ශාහ් අෆ්රිඩි හා මොහමඩ් වසීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...