පාකිස්තානය පරදා අයර්ලන්තයට ඓතිහාසික ජයක්

Date:

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී පළමු වරට පාකිස්තානය පරාජයට පත් කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ඩබ්ලින්හී දී දෙරට අතර පැවැති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කරමින්.

පාකිස්තානය හා අයර්ලන්තය අතර විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ වසර 15 කට පසුව වීම ද කැපී පෙනෙනවා. මෙම තරගයට පෙර දෙරට අතර විස්සයි 20 තරගයක් පවත්වා ඇත්තේ 2009 වසරේ දී පමණයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 182 ක් ලබා ගත් අතර, අයර්ලන්තය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඇන්ඩි බල්බර්නි පන්දු 55 කින් ලකුණු 77 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් සමගින්. පන්දු යැවීමේ දී අබ්බාස් අෆ්රිඩි ලකුණු 36 කට කඩුලු 2 ක් බිද හෙලුවා. අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය සදහා ලකුණු 11 ක් අවශ්‍ය වූ අතර, කර්ටිස් කැම්පර් 5 වැනි පන්දුවේදී සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 57(43) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ක්‍රෙයිග් යන්ග් ලකුණු 27 කට කඩුලු දෙකක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...