පාකිස්තානය තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Date:

තෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින්.

සිඩ්නි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තා.

ඩැරල් මිචෙල් පන්දු 35 කින් ලකුණු 53 ක් නොදැවී රැස් කළ අතර, කේන් විලියම්සන් ලකුණු 46(42) යි.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 2 ක් හා මොහමඩ් නවාස් එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පළමු කඩුල්ල සදහා ලකුණු 105 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට මොහමඩ් රිස්වාන් හා බාබර් අසාම් සමත් වුණා.

බාබර් ලකුණු 53 කට දැවී ගිය අතර, රිස්වාන් ලකුණු 57 ක් රැස් කළා. මොහමඩ් හැරිස් ලකුණු 30යි. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් ද, මිචෙල් සැන්ට්නර් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඇඩිලේඩ් හී දී ඉන්දියාව හා එංගලන්තය අතර හෙට පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...