පාකිස්තානයට යළිත් අයි.සී.සීයෙන් කුඩම්මාගේ සැලකිලි – පාකිස්තානය තෙවැනි වරටත් කරුණු විමසයි

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවය සදහා තරගාවලියේ සත්කාරක රට වන පාකිස්තානයේ නියෝජිතයෙකු සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් දන්වා තිබෙනවා.

පාකිස්තානය ප්‍රශ්න කර සිටින්නේ ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂ Sumair Ahmed සම්මාන ප්‍රදානෝත්සවයට එක්කර නොගත්තේ කුමන හේතුවක් මතද යන්නයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන්නේ ද Sumair Ahmed. ඔහු අවසන් තරගය වෙනුවෙන් ඩුබායි නුවර වෙත පැමිණ සිටි බව ද සදහන්. ඒ, තරගාවලියේ අධ්‍යක්ෂවරයා හා සත්කාරක පාකිස්තානයේ නියෝජිතයා ලෙසයි.

ඉන්දියාව විසින් නවසීලන්තය පරදා තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට අයි.සී.සී සභාපති ජේ ශාහ්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Roger Binny හා ලේකම් Devajit Saikia මෙන්ම නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ Roger Twose එක්ව සිටියා.

තරගාවලියක සත්කාරක රටේ නියෝජිතයින් සාමාන්‍යයෙන් සම්මාන ප්‍රදානෝසවය සදහා සම්බන්ධ කර ගනු ලබනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi සම්මාන ප්‍රදානෝත්සවයට එක්වීමට නියමිතව සිටි නමුත්, ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඩුබායි නුවර බලා පිටත්ව ගොස් තිබුණේ නැහැ.

මීට පෙර මෙම තරගාවලිය අතරතුර දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අවස්ථා දෙකකදී සිද්ධි දෙකක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදු කරන ලෙස අයි.සී.සීයට දැනුම් දී තිබුණා.

ඒ, ඉන්දු-බංග්ලදේශ තරගයේදී රූපවාහිනී විකාශන තිරය තුළ ඇති තරගාවලියේ ලාංඡනයෙන් පාකිස්තානයේ නම ඉවත් කිරීම සම්බන්ධයෙන් හා ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැති තරගයට පෙර ඉන්දීය ජාතික ගීතයේ කොටසක් වාදනය වීම සම්බන්ධයෙනුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...