පාකිස්තානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 ක් බ්‍රහස්පතින්දා දිවයිනට ; දෙවැනි තරගය අත්හිටුවයි ?

Date:

පාකිස්තාන තරග සංචාරය සදහා එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අට දෙනෙකු බ්‍රහස්පතින්දා (13) දිනයේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව ඉන්දියාවේ PTI පුවත් සේවය මේ වන විට වාර්තා කර තිබෙනවා.

ඒ, ඉස්ලාමාබාද්හීදී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීමෙන් පසුව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්.

ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ද එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආදේශක ක්‍රීඩකයින් පිරිසක් එරටට පිටත් කර හැරීමට ඉඩ ඇති බවට ද තොරතුරු වාර්තා වන අතර, මෙරටට පැමිණෙන ක්‍රීඩකයින්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ද අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මෙතෙක් දෙරටේ ක්‍රිකට් ආයතන නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

අඟහරුවාදා රාවල්පින්ඩිහීදී පැවති පළමු එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු හයක ජයක් ලැබුවා. එම තරගය ආරම්භ වීමට සුළු වේලාවකට පෙරයි ඉස්ලාමාබාද්හීදී බෝම්බ පිරීමක් සිදු වුණේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසුව සිම්බාබ්වේ කණ්ඩායම ද එක්වන තුන්කොන් විස්සයි 20 තරගාවලියක් ද පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...