පාකිස්තානයට කඩුලු හතක සැනසුම්දායක ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් කැනඩාව පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද(11) සමත් වුණා.

නිව් යෝර්ක්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැනඩාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 106 ක් රැස් කළා.

ආරෝන් ජොන්සන් පන්දු 44 කින් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්. පන්දු යැවීමේ දී මොහමඩ් අමීර් ලකුණු 13 කට කඩුලු 2 ක් ද, හැරිස් රවුෆ් ලකුණු 26 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය ඉනිම නිමා වීමට පන්දු 15 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

මොහමඩ් රිස්වාන් පන්දු 53 කින් ලකුණු 53 ක් රැස් කළ අතර, නායක බාබර් අසාම් ලකුණු 33(33)කට දැවී ගියා. පන්දු යැවීමේ දී Dilon Heyliger ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...