ප්‍රසිද් ක්‍රිෂ්නාගේ කඩුලු 4 හමුවේ කොදෙව්වන් තරගාවලිය පරදියි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(9) සමත් වුණා.

ඒ, අහ්මදාබාද්හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඉන්දියාව ලකුණු 44ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ වැඩබලන නායක නිකලස් පූරාන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 237ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 64ක් ලබා ගත් අතර, කේ.එල් රාහුල් ලකුණු 49කට දුවද්දී දැවී ගියා.

නායක රොහිට් ෂර්මා ලකුණු 5කටත්, ඔහු සමග මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ රිෂාබ් පාන්ට් ලකුණු 18කටත් දැවී ගිය අතර, විරාට් කෝලි ද ලබා ගත්තේ ලකුණු 18ක් පමණයි.

දීපක් හූදා ලකුණු 29ක් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා ඔඩියන් ස්මිත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 46ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 193ක් පමණයි.

ශමාර් බෘෘක්ස් ලකුණු 44ක් ලබා ගත් අතර, අකීල් හොස්න් ලකුණු 34කට දැවී ගියා. ෂේයි හෝප් ලකුණු 27ක් ද, ඔඩියන් ස්මිත් ලකුණු 24ක් ද ලබා ගත්තා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ප්‍රසිද් ක්‍රිෂ්නා පන්දුවාර 9ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 12කට කඩුලු 4ක් බිද හෙලුවා.

ශර්දුල් තාකූර් ද කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...