පතාන්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඉන්දීය මහරාජාස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්

Date:

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් Legends League ක්‍රිකට් තරගාලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට India Maharajas කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 6කින් පරාජයට පත් වූයේ Asia Lions කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ආසියානු ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් රැස් කළේ ලකුණු 5ක් පමණයි.

උපුල් තරංග පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගනිමින් ආසියානු ඉනිම ශක්තිමත් කළා.

නායක මිස්බා උල් හක් නොදැවී ලකුණු 44(30)ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මන්ප්‍රීට් ගෝනි ලකුණු 45කට කඩුලු 3ක් බිද හෙලූ අතර, ඉර්ෆාන් පතාන් ලකුණු 22කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපිරි පිතිහරඹයක නිරත වූ යුසුෆ් පතාන් පන්දු 40කින් වේගවත් ලකුණු 80 ක් ලබා ගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

නායක මොහොමඩ් කයිෆ් නොදැවී ලකුණු 42යි.

පන්දු යැවීමේ දී ෂොයිබ් අක්තාර් හා උමාර් ගුල් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

නුවන් කුලසේකර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 42ක් රැස් කළ අතර, මුත්තයියා මුරලිදරන් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 32ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...