ප්‍රමෝද් හා නුවනිදු ඔස්ට්‍රේලියාවට අමිහිරි පරාජයක් උරුම කරයි

Date:

ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා.

ඩර්වින්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 294 ක් ලබා ගත්තා.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 82(90) ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් සමගින්. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 63(70) ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 34(28) ක් හා පවන් රත්නායක ලකුණු 30(29) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Sam Elliott හා Jack Nisbet කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමට පන්දුවාර 41.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 243 ක් පමණයි.

Matt Renshaw ලකුණු 106 ක් ලබා ගත්තා. Liam Scott ලකුණු 53 යි.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 37 කට කඩුලු 4 ක් බිද හෙලුවා. මොහමඩ් ශිරාස්, සහන් ආරච්චිගේ හා දුෂාන් හේමන්ත අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...