ප්‍රභාත්, චන්දිමාල් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ; දිමුත් පසුබසියි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය හා පාකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔවුන් දෙදෙනා දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද දිනයේ දී සිය නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කළ අතර, ඊට අනුව එහි පිතිකරුවන් අතර 16 වැනි ස්ථානය දක්වා ස්ථාන 23 කින් ඉදිරියට පැමිණීමට අබ්දුල්ලාහ් ශෆික් සමත්ව තිබෙනවා.

ඔහු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 160ක් නොදැවී ලබා ගනිමින් පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දීමට සමත් වුණා.

ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර 44 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඔහු සිය පළමු ටෙස්ට් තරග දෙක අවසන් වන විට කඩුලු 21 ක් දවා ගැනීමට සමත් වූ අතර, එම දක්ෂතාවයත් සමග ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග දෙක අවසන් වන විට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නන් අතර ඔහු සම තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් වුණා.

ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 481 ක්. සිය පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමෙන් පසුව පන්දු යවන්නෙකු ලබා ගත් සිව්වැනි ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය එය වීම ද විශේෂත්වයක්.

ඔහුට වඩා වැඩි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක් ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමෙන් පසුව හිමි කර ඇත්තේ Narendra Hirwani (519), Alec Bedser (500) හා Bob Massie (494) යන ක්‍රීඩකයින්.

පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 119 ක් හා ලකුණු 55 ක් රැස් කළ පාකිස්තාන නායක බබාර් අසාම් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සිව්වැනි ස්ථානය දක්වා ඇදදමින්.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 8 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා.

දිනේෂ් චන්දිමාල් ස්ථාන 11 කින් ඉදිරියට පැමිණ ඇත්තේ 18 වැනි ස්ථානය දක්වායි. කුසල් මෙන්ඩිස් 47 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඕෂද ප්‍රනාන්දු 58 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 11කින්.

මේ අතර, පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...