ප්‍රභාත්ගෙන් සුපිරි පන්දු යැවීමක් – එංගලන්ත ලයන්ස් පළමු ඉනිම ලකුණු 324 යි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(15) ‌

වොස්ටර් හී දී ‌පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටි අතර, අද දිනයේ දී ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 91 ක් ලබා ගත් Hamza Shaikh. Kasey Aldridge ලකුණු 78 ක් ලබා ගත් අතර, Ben McKinney ලකුණු 46 යි.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 102 කට කඩුලු 5 ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 2 ක් බිද හෙලූ අතර, ලහිරු කුමාර හා මිලාන් රත්නායක කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

දිමුත් කරුණාරත්න ලකුණු 26 කටත්, නිශාන් මදුෂ්ක ලකුණු 11 කටත් දැවී ගියා. කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 12 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලබා ගත්තේ ලකුණු 11 ක් පමණයි.

නායක ධනංජය ද සිල්වා ලකුණු දෙකකට හා සධීර සමරවික්‍රම ලකුණු 8කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 20 ක් මිලාන් රත්නායක ලකුණු 17 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Zaman Akhter ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගත් අතර, Josh Hull ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්ත ලයන්ස් පළමු ඉනිම නිමා වන විට ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 185 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...