ප්‍රබල ශ්‍රී ලංකා පිතිකරුවෙකුට බංග්ලාදේශ සංචාරය අහිමි වීමේ අවධානමක්

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු පැතුම් නිස්සංකට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් පැතුම්ට එම තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බව සදහන්.

ආබාධයක් හේතුවෙන් ඔහුට ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරිමට හැකි වූයේ නැහැ.

මේ වන විට ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කර ඇති 23 හැවිරිදි පැතුම් එහිදී ලකුණු 45ක ඉනිමක සාමාන්‍යයක් සටහන් කර ගැනීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් පිටියේ දී ඔහු ශතකයක් හා අර්ධ ශතක 5ක් වාර්තා කිරීමට ද සමත් වුණා.

බංග්ලාදේශ තරග සංචාරයේ දී බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...