ප්‍රබල ක්‍රීඩකයෙකුගේ සේවය RCB පිලට අහිමි වෙයි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ පිතිකරු රාජත් පටිදර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධය සුව අතට පත් නොවීම හේතුවෙන්.

29 හැවිරිදි පටිදර් ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී සිය ආබාධයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අතර, මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ඔහුට යම් අවස්ථාවක සිය සංචිතය සමග එක්වීමට හැකි වනු ඇති බවට බැංගලෝර් කණ්ඩායම අපේක්ෂාවෙන් පසුවුණා.

පසුගිය තරග වාරයේ දී රාජත් පටිදර් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග 8කදී ලකුණු 333 ක් රැස් කළා. ඒ, 152.75 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

Eliminator තරගයේ දී ඔහු සුපිරි ශතකයක් (පන්දු 54 කින් ලකුණු 112*ක්) ද වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට නම් කිරීමට මෙතෙක් RCB කණඩායම කටයුතු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...