ප්‍රංශ පිතිකරුවෙකුගෙන් ලෝක වාර්තාවක්

Date:

ප්‍රංශ ක්‍රිකට් ක්‍රීඩක Gustav McKeon නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

ඒ, 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ ලොව ලාබාලතම (වයසින් අඩුම) ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්.

ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවේ 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යුරෝපා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගයකදීයි.

අවුරුදු 18 යි දින 280 ක් වයසැති Gustav McKeon පන්දු 58 ක් වැය කරමින් සිය ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

මෙම තරගයේ දී පන්දු 61 කින් ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 109 ක්.

ෆින්ලන්තයේ Vantaa හී දී යි මෙම තරගය පැවැත්වුණේ.

මීට පෙර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ වයසින් අඩුම පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්ව සිටියේ ඇෆ්ඝනිස්තානයේ හස්රටුල්ලාහ් සසායි.

ඔහු 2019 වසරේ දී අවුරුදු 20 යි දින 337 ක් සම්පූර්ණ වූ දිනයේ දී ශතකයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...