පළමු 20යි 20 තරගයෙන් තියුණු ජයක් ලැබූ ඔස්ට්‍රේලියාව 6-0 ක් ලෙස අළුබදුනේ පෙරමුණට

Date:

කාන්තා අළුබදුන තරග මාලාවේ 20යි 20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් එංගලන්තය පරදා කඩුලු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ(1) සමත් වුණා.

බර්මිංහැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 153 ක් රැස් කළා.

Sophia Dunkley ලකුණු 56 ක් ලබා ගත් අතර, Amy Jones නොදැවී ලකුණු 40යි.

පන්දු යැවීමේ දී Jess Jonassen කඩුලු 3 ක් හා Megan Schutt කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

Beth Mooney පන්දු 47 කින් නොදැවී ලකුණු 61 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. Tahlia McGrath ලකුණු 40යි.

පන්දු යැවීමේ දී Lauren Bell, Sophie Ecclestone හා Sarah Glenn කඩුලු 2 බැගින් දවා ගත්තා.

මෙම ජයත් සමග තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර, තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් අළුබදුන තරගමාලාව ද ප්‍රසාද ලකුණු 6-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...