පළමු දිනයේ දී තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තයට

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගෙය් පළමු දිනය අද(25) ලීඩ්ස් හී දී නිමා වුණේ තරගයේ පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 120ක් ලබා සිටියා.

රෝරි බර්න්ස් නොදැවී ලකුණු 52ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, හසීබ් හමීඩ් නොදැවී ලකුණු 60යි.

ඒ අනුව ඔවුන් මේ වන විට පළමු ඉනිමේ දී කඩුලු 10ක් අතැතිව ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 42ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, කෝලි ගත් එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු පිතිකරුවෙකුට හැකියාව ලැබුණේ නැහැ.

ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිම, පළමු දිනයේ තේ පානයටත් පෙර නිමාව දුටුවේ සියලු දෙනා දැවී ලකුණු 78ක් ලෙස සටහන් වෙමින්.

රෝහිට් ෂර්මා පන්දු 105කින් ලකුණු 19ක් රැස් කළ අතර, අජින්කෙයා රහානේ ලකුණු 18කට දැවී ගියා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

එංගලන්තය වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජේම්ස් ඇන්ඩර්සන් හා ක්‍රෙයිග් ඕවර්ටන් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ඔලී රොබින්සන් හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...