පළමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවන්ගේ වෙනසක් – පැතුම්ට පළමු තරගය අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු නවසීලන්තය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී මුහුණ දුන් ආබාධයෙන් (groin strain) මෙතෙක් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බැවින්.

ඔහු මේ වන විට කොළඹ රැදී සිටිමින් සිය පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටිනවා.

ඒ අනුව ගාල්ලේදී එළඹෙන 29 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් මේ වන විට ගාල්ල බලා පිටත්ව ගොස් පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් සමග ද ඔහු මෙතෙක් එක්ව නැහැ.

කෙසේ වෙතත්, දෙරට අතර පෙබරවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා පැතුම්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

පැතුම් වෙනුවට පළමු ටෙස්ට් තරගයේදී ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා. ඔහු මීට පෙර අවස්ථා 19 කදී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කර තිබෙනවා.

ඕෂද හැරුණු විට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ආරම්භක පිතිකරුවෙකු වන ලහිරු උදාර ද ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටිනවා.

නායක ධනංජය ද සිල්වා හා කමිදු මෙන්ඩිස් ද මෑතකදී දේශීය තරග ක්‍රීඩා කරමින් සිටියදී ආබාධවලට ලක්වූ නමුත්, ඔවුන් දෙදෙනාම මේ වන විට සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ගාල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...