පළමු කඩුල්ලේ ශතක සබදතා තුළින් ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්

Date:

2018 වසරේ සිට ටෙස්ට් තරගවල වැඩිම අවස්ථා ගණනක දී ආරම්භක කඩුල්ල සදහා ශතක සබදතාවයන් ගොඩ නගා ඇති රට බවට ශ්‍රී ලංකාව තවදුරටත් පත්ව තිබෙනවා.

ඒ, ශතක සබදතා 7ක් ගොඩ නගමින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ පැතුම් නිස්සංක හා දිමුත් කරුණාරත්න ශතක සබදතාවයක් ගොඩ නැගුවා.

තරග 31කදීයි ශ්‍රී ලංකාව ආරම්භක කඩුල්ල සදහා මෙලෙස ශතක සබදතා 7ක් පිහිටුවා ඇත්තේ.

2018 වසරේ සිට වැඩිම ශතක සබදතා පිහිටුවා ඇති රටවල් අතර දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය සමත්ව තිබෙනවා.

ඒ, ශතක සබදතා 4 බැගින් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාව තරග 27කදී ද, එංගලන්තය තරග 46කදී ද, නවසීලන්තය තරග 25කදී ද අදාළ ශතක සබදතා ප්‍රමාණය ආරම්භක කඩුල්ල සදහා ගොඩ නගා තිබුණා.

ඉන්දියාව හා පාකිස්තානය ආරම්භක කඩුල්ල සදහා මෙම කාලයේ දී ගොඩ නගා ඇත්තේ ශතක සබදතා 3 බැගින් පමණයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...