පසුගියවර LPL ක්‍රීඩා කළ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකුට මෙවර තරගාවලිය අහිමිවෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන ජූලි  30 වන දා සිට අගෝස්තු 22 වන දා තෙක් පැවැත්වීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළ බව මීට දින කිහිපයකට පෙර අප ඔබට තොරතුරු වාර්තා කළා.

නමුත් පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් 09 දෙනෙකුට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවී යනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ ලබන ජූලි 21 වන දා සිට අගෝස්තු 21 වනදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියය බැගින් වන නව තරගාවලිය හේතුවෙන්.

එම තරගාවලිය සදහා එල්.පී.එල් තරගාවලියට එක් වූ ක්‍රීඩකයින් 07 දෙනෙකු පමණ සහභාගීවීමට නියමිතව සිටිනවා.

එමෙන්ම අගෝස්තු 06 වනදා සිට 20 වන දා තෙක් පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරය හේතුවෙන් ද පසුගියවර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළ අත්දැකීම් බහුල සිම්බාබ්වේ පිතිකරුවෙකු වන බ්‍රෙන්ඩන් ටේලර්ට හා අයර්ලන්ත පිතිකරු පෝල් ස්ටර්ලින්ග්ට ද මෙවර එල්.පී.එල් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනු ඇති.

පෝල් ස්ටර්ලින්ග් නියෝජනය කළේ දඹුල්ල වයිකින්ග් කණ්ඩායමයි.

ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් එල්.පී.එල් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි විය හැකි ක්‍රීඩකයන් 08 දෙනා පහතින් –

Daniel Bell-Drummond (Birmingham Phoenix), Laurie Evans (Oval Invincibles), Andre Russell (Southern Brave), Qais Ahmad (Welsh Fire) – (කලම්බු කිංග්ස් කණ්ඩායම)

Tom Moores (Trent Rockets) (ජැෆ්නා ස්ටැලියන්ස්)

Mohammad Amir (London Spirit) (ගෝල් ග්ලැඩියේටර්ස්)

Samit Patel (Trent Rockets) (දඹුල්ල වයිකින්ග්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...