පවෙල් – පූරාන් ශතක සබදතාවය අපතේ යවමින් ඉන්දියාවට තියුණු ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දියාව අද(18) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් ඉන්දියාව ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොල්කටා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තා.

විරාට් කෝලි ලකුණු 52(41)ක් රැස් කළ අතර, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ පන්දු 28ක් පමණක් වැය කරමින්.

වෙන්කටේෂ් අයියර් ලකුණු 33යි.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 3ක් දවා ගත්තා. ශෙල්ඩන් කොට්‍රෙල් හා රොමාරියා ෂෙපර්ඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

අඛණ්ඩව සිය දෙවැනි අර්ධ ශතකය ද වාර්තා කළ නිකලස් පූරාන් පන්දු 41කින් ලකුණු 62 ක් වාර්තා කළා.

හයේ පහර 5ක් ද සමගින් රොව්මන් පවෙල් පන්දු 36කින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

පූරාන් හා පවෙල් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100(60)ක සබදතාවයක් ගොඩ නැගුණු නමුත්, එය කොදෙව්වන්ට ජයග්‍රහනය සදහා ප්‍රමාණවත් වූයේ නැහැ.

මෙම ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

https://twitter.com/cric12222/status/1495033515381260292?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...