පවන්ගේ 158 CCC පිලට ශූරතාවය හිමි කර දෙයි – පන්දුවාරයකදී ගහපු හයේ පහර 4 මෙන්න

Date:

Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 187 කින් පරාජයට පත් කරමින්.

සීසීසී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 5 ක් දැවී ලකුණු 387 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී පවන් රත්නායක නොදැවී ලකුණු 158 ක් ලබා ගත්තේ පන්දු 94 කින් හයේ පහර 9 ක් හා හතරේ පහර 13 ක් සමගින්.

ඔහු එක් පන්දුවාරයකදී පිට පිට හයේ පහර 3ක් සමග හයේ පහර 4 ක් එල්ල කිරීම ද කැපී පෙනුණා. (දර්ශන පහතින්)

නිශාන් මදුෂ්ක ලකුණු 88(85) ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 59(52) ක් ලබා ගත් අතර, සොනාල් දිනූෂ ලකුණු 53(51) යි.

පන්දු යැවීමේදී චාරුක ප්‍රමෝද් හා චාරුක ජයතිලක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පොලිස් කණ්ඩායමට පන්දුවාර 40.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.

ප්‍රියමාල් පෙරේරා ලකුණු 57(56) ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 31(17) යි. පන්දු යැවීමේදී ඉනුක කරන්නාගොඩ කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 32 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...