පර්සිට ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Date:

ජනප්‍රිය තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතාට මූල්‍ය පරිත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට රුපියල් මිලියන පහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට සහාය වීමක් ලෙස මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් පර්සි අබේසේකර මහතාගේ නිවසේ දී ඒ මහතාට මීට අදාළ චෙක්පත ලබා දීම සිදු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...