නොකියා ටෙස්ට් සංචිතයෙන් නිදහස් කරයි

Date:

දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කළ බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු සුළු ආබාධ තත්ත්වයකින් පසුවන බැවින් පූර්වාරක්ෂාවක් ලෙස සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කළ බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි ඔහු එම සුළු ආබාධ තත්ත්වයට ගොදුරු වුණේ.

ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන නැහැ.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 87 කින් ජය වාර්තා කළ අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන බදාදා (8) ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...