නිරෝධායන සමයේ පුහුණුවීම් කරන්න ඉන්දියාවට අවසර

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමට දින 14ක නිරෝධායන කාලසීමාවේ දී ද පුහුණුවීම් සිදු කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍ය සදහා සහභාගී වී ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයින්ට සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට සිඩ්නි හී දී නිරෝධායන කාලසීමාව තුළ දී පුහුණුවීම් සිදු කළ හැකියි.

ඉන්දීය කණ්ඩායම මීට පෙර බ්‍රිස්බේන් නුවරට ළගා වීමට නියමිතව තිබූ නමුත්, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් නිරෝධායන කාලසීමාව තුළ පුහුණුවීම් සිදු කිරීම සදහා ක්‍රීඩකයින්ට අවසර ලබා දීමට එකග වූයේ නැහැ.

ඉන්දීය කණ්ඩායම් එළඹෙන ඔස්ට්‍රේයානු තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 4ක් ඇතුළත්.

පළමු එක්දින තරග 2 නොවැම්බර් 27 වනදා සහ 29 වනදා සිඩ්නි හී දී පැවැත්විමට නියමිත අතර, තෙවැනි එක්දින තරගය දෙසැම්බර් පළමු වැනිදා ද පළමු 20යි 20 තරගය දෙසැම්බර් 4 වනදා ද කැන්බරාහී දී පැවැත්වීමට නියමිතයි.

අවසන් 20යි 20 තරග දෙක දෙසැම්බර් 6 සහ 8 වනදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස දෙසැම්බර් 17 වනදා ආරම්භ වන්නේ ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ දි යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...