නිපුන්ගේ 81* ශ්‍රී ලංකා නැගී එන ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන එයි

Date:

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරයේ තෙවැනි හා අවසන් සිව්දින ක්‍රිකට් තරගය අද(20) ආරම්භ වුණා.

සරේ කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමු දිනයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 230ක්.

නොදැවී පන්දුවට පහර දෙන නායක නිපුන් ධනංජය ලකුණු 81ක් හා මනෙල්කර් ද සිල්වා ලකුණු 13ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෘස්පුල්ලේ ලකුණු 32කටත්, අවිශ්ක පෙරේරා ලකුණු 13කටත් දැවී ගියා.

නිශාන් මදුෂ්ක රැස් කළේ එක් ලකුණක් පමණයි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 16ක් රැස් කළා. සන්තුෂ් ගුණතිලක ලකුණු 9යි.

අවිශ්ක තරිදු ලකුණු 48ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...