නිපුන්ගේ 150* න් පසු පටෙල්ගෙන් නොදැවුණු ශතකයක් ; සරේ 176ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ සරේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(22).

සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දෙවන දිනය ඊයේ නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සරේ කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 196ක් රැස් කර සිටියා.

Ryan Patel නොදැවී ලකුණු 109ක් ද, Ben Geddes නොදැවී ලකුණු 75ක් ද වාර්තා කළා.

ඊයේ දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 230ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 372ක් ලබා සිටියදීයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක නිපුන් ධනංජය ලකුණු 150ක් රැස් කළේ පන්දු 232කින්. හතරේ පහර 11ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

අවිශ්ක තරිදු ලකුණු 48ක් ද, දුනිත් වෙල්ලාලගේ ලකුණු 46ක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළා. ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ ලකුණු 32යි.

පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් හා Amar Virdi ලකුණු 67ක කඩුලු 3ක් දවා ගත්තා.

මේ වන විට සරේ කණ්ඩායම පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට වඩා පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 176ක්.

දෙවැනි දිනයේ හා පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...