නිදර්ශන හා දුනිත්ගේ දක්ෂතා හේතුවෙන් යොවුන් ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක්

Date:

2022 යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සිය පළමු ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ දෙවැනි තරගය වූ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම් අතර පැවැති තරගයෙන් ලකුණු 40ක ජයක් වාර්තා කරමින්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ගයානාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 45.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 218ක්.

ඉනිමේ ‍දෙවැනි කඩුල්ල ලකුණු 60දී බිද වැටුණු නමුත්, අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමක් සිදු වුණා.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 99ක් ලෙස සටහන් වන විට කඩුලු 6ක් දැවී ගොස් තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ලකුණු 77ක සබදතාවයක් ගොඩ නැගීමට රවීන් ද සිල්වා හා සකුන නිදර්ශන ලියනගේ සමත් වුණා.

නිදර්ශන ලියනගේ ලකුණු 85ක් රැස් කළේ පන්දු 85කින්. හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. රවීන් ලකුණු 30කට දැවී ගියා.

චමිදු වික්‍රමසිංහ ලකුණු 28ක් හා සධීෂ රාජපක්ෂ ලකුණු 24ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මුල් පෙල ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Sean Fischer-Keogh කඩුලු 3ක් බිද හෙලූ අතර, Jack Jarvis හා Oliver Davidson කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායමට පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

Jack Jarvis ලකුණු 55ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් බිද හෙලුවා.

ශෙවෝන් ඩැනියල් ලකුණු 16කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

මේ අතර, තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම (169) පරදා කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම (170/4) මෙරට වේලාවෙන් අද(15) අලුයම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...