නිටිෂ් කුමාර්ගේ අනර්ඝ ශතකය හමුවේ ඉන්දියාව පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හි පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(28) නිමා වුණේ නිටිෂ් කුමාර් රෙදී රැස් කළ සුපිරි ශතකය හමුවේ පරාජයෙන් ගැළවීම සම්බන්ධයෙන් ඉන්දියාවට යම් බලාපොරොත්තුවක් ලබා දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 474 ට පිළිතුරු ලෙසයි.

අද දිනය ආරම්භ වන විට ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 164 ක්. ඉන්දීය ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 221 දී දැවී ගිය නමුත්, අනතුරුව නිටිෂ් කුමාර් හා වොෂින්ටන් සුන්දර් ලකුණු 127 (285) ක අගනා සම්බන්ධතාවයක් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නගමින් ඉන්දියාව යළි සටනට අවතීර්ණ කළා.

සුන්දර් ලකුණු 50 කට දැවී ගිය අතර, සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ නිටිෂ් කුමාර් නොදැවී ලකුණු 105 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේදී පැට් කමින්ස් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, නේදන් ලයන් කඩුලු දෙකක් බිද හෙලුවා.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 116 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...