නසීම් ශාහ්ට නියුමෝනියාව වැළදෙයි

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාහ් නියුමෝනියාව වැළදීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට එංගලන්තය සමග පැවැත්වෙන තරග 7 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය අගහරුවාදා (27) රාත්‍රී කාලයේ දී ඔහුව මෙලෙස රෝහල් ගත කර ඇති බව සදහන්.

නසීම් ශාහ්ට එංගලන්තයට එරෙහි ඉතිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව තීරණය කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔක්තෝබර් දෙවැනිදා එංගලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අවසන් වන අතර, අනතුරුව පාකිස්තාන කණ්ඩායම තුන්කොන් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා නවසීලන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.

අනතුරුව ඔවුන් 20යි 20 ලෝක කුසලානය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම තරග සදහා නසීම් ශාහ් සම්බන්ධ කර ගැනීමට හැකි වනු ඇති බවට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විශ්වාසයෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...