නව IPL කණ්ඩායම් ලබන 25 සිට ; මාධ්‍ය අයිතියට ලංසු කැදවන මූලික වටිනාකම මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට එක්වන නව කණ්ඩායම් දෙක එළඹෙන ඔක්තෝබර් 25 වනදා ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් අතර පැවැති රැස්වීමකින් පසුවයි එරට ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කළේ.

2023-2027 වසර දක්වා අයි.පී.එල් තරගාවලියේ මාධ්‍ය අයිතිය සදහා වන ටෙන්ඩරය ද අනතුරුව නිකුත් කිරීමට නියමිතයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රූපවාහිනී හා ඩිජිටල් අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් සතු වනවා.

ඔවුන් එක් තරගයක් සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනයට ගෙවනු ලබන මුදල ඉන්දීය රුපියල් කෝටි 54.5ක්.

2023-2027 වසර දක්වා මාධ්‍ය අයිතිය ලබා දීමට අදාළ ලංසු කැදවීමේ දී එම මුදල (ඉන්දීය රුපියල් කෝටි 54.5) ලංසු කැදවීමේ මූලික වටිනාකම ලෙස එක් තරගයක් වෙනුවෙන් ප්‍රකාශයට පත් කිරීමට මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියානු උප මහාද්වීපය/ ගෝලීය/ රූපවාහිනී/ ඩිජිටල් යන කාණ්ඩ යටතේ මාධ්‍ය අයිතීන් පිරිනැමීමට නියමිතයි.

2017 වසරේ දී ස්ටාර් ස්පෝර්ට් විසින් වසර 5ක් (2018-2022) සදහා මාධ්‍ය හිමිකම ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 16,347.5 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...