ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම මිචෙල් සැන්ට්නර්ට පැවරී තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත 20යි 20 සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති Ben Lister මෙන්ම Henry Shipley ද නම් කර තිබීම විශේෂත්වයක්.
ක්යල් ජමීසන්, මැට් හෙන්රි, ඇඩම් මිල්න් හා බෙන් සියර්ස් යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් මෙම තරගාවලිය සදහා වන තේරීම් වෙනුවෙන් සලකා බලා නැහැ.
ඉන්දීය සංචාරය සදහා කේන් විලියම්සන් හා ටිම් සවුති එක් වන්නේ නැහැ.
New Zealand T20I squad:
Mitchell Santner (c), Finn Allen, Michael Bracewell, Mark Chapman, Dane Cleaver, Devon Conway, Jacob Duffy, Lockie Ferguson, Ben Lister, Daryl Mitchell, Glenn Phillips, Michael Rippon, Henry Shipley, Ish Sodhi, Blair Tickner

