නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88 කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයිි(28).

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 22 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි. එය නවසීලන්තය මෙරට දී ටෙස්ට් ඉනිමකදී ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 29 ක් රැස් කළ මිචෙල් සැන්ට්නර්. ඩැරල් මිචෙල් ලකුණු 13 ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 10 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42 කට කඩුලු 6 ක් දවා ගත් අතර, සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන නිශාන් පීරිස් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව නවසීලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 514 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...