නවසීලන්තය ලකුණු 75 කට දවා ගත් ඇෆ්ඝනිස්තානයට සුපිරි ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 84 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා.

ගයනාහි Providence ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 6 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 15.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 75 පමණයි.

නවසීලන්ත ඉනිමේ පළමු පන්දුවෙන්ම ෆින් ඇලන් දවා ගැනීමට ෆසල්හක් ෆරූකි සමත් වුණා. ඩෙවෝන් කොන්වේ ලකුණු 8යි. කේන් විලියම්සන් ලකුණු 9කට දැවී ගියා. ඩැරල් මිචෙල් ලකුණු 5 යි. වැඩිම ලකුණුලාභියා වූ ග්ලේන් පිලිප්ස් ලකුණු 18(18) ක් ලබා ගත් අතර, මැට් හෙන්රි ලකුණු 12 ක් රැස් කළා. මාර්ක් චැප්මන් ලකුණු 4 ක් ලබා සිටියදීත්, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත් අතර, රෂීඩ් ඛාන් ද ලකුණු 17 කට කඩුලු 4 ක් බිද හෙලීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් පළමු කඩුල්ල සදහා ලකුණු 103 ක (14.3) අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ගුර්බාස් පන්දු 56 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. සඩ්‍රාන් ලකුණු 44(41) කට දැවී ගියා.

අංක 3 පිතිකරු වූ අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 22(13) කට දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවා ගත්තා.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...