නවසීලන්තය ජයග්‍රහනයට ලකුණු 257 ක් පිටුපසින්

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (12) ක්‍රයිස්චර්ච්හී හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු තවදුරටත් කණ්ඩායම් දෙකටම විවර කරමින්.

තරගය ජය ගැනීම සදහා නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285 ක ඉලක්කයක් හිමිව ඇති අතර, ඔවුන් අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 ක්. ඒ අනුව නවසීලන්තය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 257 ක් ලබා ගත යුතුයි.

ටොම් ලේතම් නොදැවී ලකුණු 11 ක් හා කේන් විලියම්සන් නොදැවී ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩෙවෝන් කොන්වේ ලකුණු 5 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. (දර්ශන පහතින්) ඒ, නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 9 ක් ලෙස සටහන්ව තිබියදීයි. රාජිත විසින්ම රැක ගත් උඩ පන්දුවක් හමුවේයි කොන්වේ දැවී ගියේ.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 83 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 302 ක්.

සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 115 ක් රැස් කළා. පන්දු 235 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් වුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 42 කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියා. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 යි.

පන්දු යැවීමේ දී බ්ලෙයාර් ටික්නර් කඩුලු 4 ක් හා මැට් හෙන්රි කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 355 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 373 ක් රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...