නවසීලන්තයට ගිය පාකිස්තාන සංචිතයෙන් 8 කට කොරෝනා

Date:

නවසීලන්ත තරග සංචාරයට එක්ව සිටින පාකිස්තාන සංචිතයේ තවත් සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට නවසීලන්තයේ දී තහවුරු වී ඇති පාකිස්තාන සංචිතයේ සාමාජිකයින් සංඛ්‍යාව 8 ක්.

මීට පෙර Sarfaraz Ahmed, Rohail Nazir, Naseem Shah, Mohammad Abbas, Abid Ali, Danish Aziz යන ක්‍රීඩකයින්ට සහ තවත් ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවටයි වාර්තා වුණේ.

පාකිස්තාන ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණීමට පෙර ලාහෝර් නුවර දී වෛද්‍ය පරීක්ෂණ 4කට යොමු කර තිබූ අතර, එහිදී කිසිදු ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී තිබුණේ නැහැ.

කෙසේවෙතත්, පසුගිය 24 වනදා නවසීලන්තයට පැමිණීමෙන් පසුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ක්‍රීඩකයින් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට පළමුව හදුනා ගැණුනා.

ආසාදිතයින් සියලු දෙනා මේ වන විට සෙසු සාමාජිකයින්ගෙන් වෙන් කර හුදෙකලා කර ඇති බව සදහන්.

නිරෝධායනය අතරතුර පුහුණුවීම් සිදු කිරීම සදහා ලබා දී තිබූ අවසරය ද මෙම නවතම තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටුවීමටයි පියවර ගත්තේ.

පාකිස්තාන ක්‍රීඩකයින් නවසීලන්තයට පැමිණ මේ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටිය ද, නිරොධායනයේ නිරත වූ පළමු දිනයේ දී ම පාකිස්තාන ක්‍රීඩකයින් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බවට ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යළි එක් වරක් හෝ උල්ලංඝනය කළහොත් පාකිස්තාන ක්‍රීඩකයින් සියලු දෙනා එරටින් පිටුවහල් කරන බවටයි නවසීලන්ත රජය අනතුරු ඇගවීමක් සිදු කර ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිත අතර, පසුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්විමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...