නවසීලන්තයට අනපේක්ෂිත හා අමිහිරි පරාජයක්

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක අමිහිරි හා අනපේක්ෂිත පරාජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට සිදු වුණා. මෙය නවසීලන්තයට එරෙහිව එමීර් රාජ්‍ය පිල ලැබූ පළමු ජාත්‍යන්තර තරග ජයග්‍රහනයයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ද එමීර් රාජ්‍ය කණ්ඩායම සමත් වූ අතර, ඉරිදා (20) පැවැත්වෙන තෙවැනි හා අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ශූරතාවය හිමි වීමට නියමිතයි.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව සංචාරක කණ්ඩායමට ලබා දුන්නා. නියමිත පන්දුවාර 20 තුළ නවසීලන්තය කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 142 ක්.

මාර්ක් චැප්මන් පන්දු 46 කින් ලකුණු 63 ක් වාර්තා කළා. හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත්. චැඩ් බවුස් හා ජේම්ස් නීෂම් ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Aayan Afzal Khan කඩුලු 3 ක් ද, Muhammad Jawadullah කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එමීර් රාජ්‍ය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය නමුත්, නායක Muhammad Waseem පන්දු 29 කින් ලකුණු 55 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔවුන් ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී පසු කර ගියා.

Asif Khan නොදැවී ලකුණු 48 (29) ක් ද, Vriitya Aravind ලකුණු 25(21) ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී ටිම් සවුති, මිචෙල් සැන්ට්නර් හා ක්යල් ජමීසන් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...