නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චමරි ලෝකෙන්ම එක වෙයි

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. ඊට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එහි එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයේ දී වාර්තාගත හඹා යාමක් සදහා ශ්‍රී ලංකාවට පිත්තෙන් දැක් වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන්. මීට පෙර ඇය 2023 වසරේ ජූලි මාසයේ දී ද එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව සිටියා.

කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හයක විශිෂ්ඨ ජයක් වාර්තා කළා. එම තරගයේ දී චමරි අතපත්තු පන්දු 139 කින් නොදැවී ලකුණු 195 ක් වාර්තා කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 26 ක් සමගින්. ඇය රැස් කළ එම ලකුණු ප්‍රමාණය කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයකදී පිතිකාරිණියක් රැස් කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම චමරි අතපත්තු අදාළ තරගයේ දී රැස් කළ ලකුණු 195* කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු හඹා යාමකදී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වීම ද කැපී පෙනුණා. පිරිමි එක්දින තරගයකදී ද හඹා යාමකදී එම ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල් පමණයි.

එම සුවිශේෂී ඉනිම හේතුවෙන් මේ වන විට චමරිට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 773 ක්. එය ඇය විසින් ලබා ගෙන ඇති ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයයි.

ඒ අනුව ඇය දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා. ඇය තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්හි ද 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

ශ්‍රේණිගත ලකුණු 764 කට හිමිකම් කියන එංගලන්තයේ Nat Sciver-Brunt එක්දින පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...