නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) නිවේදනය කළා.

ඊට අනුව එහි පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පාකිස්තානයේ ඉමාම් උල් හක් සමත්ව තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානයට එරෙහි පළමු එක්දින තරගයේ දී ලකුණු 61 ක් ලබා ගනිමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ලකුණු නොලබා දැවී ගිය ද පාකිස්තාන නායක බාබර් අසාම් පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ රැදී සිටිනවා.

බාබර්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 880 ක් වන අතර, දෙවැනි ස්ථානයේ සිටින දකුණු අප්‍රිකාවේ රසී වැන් ඩර් ඩසන්ට ශ්‍රේණිගත ලකුණු 777 ක් හිමියි.

මේ අතර, එක්දින පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණීමට ඇෆ්ඝනිස්තානයේ මුජීබ් උර් රහ්මාන් සමත්ව තිබෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයේ දී කඩුලු 3 ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මොහමඩ් නබී 11 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, අදාළ තරගයේ දී කඩුලු 5 ක් දවා ගත් පාකිස්තානයේ හැරිස් රවුෆ් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...