නවකයින් දෙදෙනෙකු සමගින් බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Mahmudul Hasan හා Rejaur Rahman නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පාකිස්තානය සමග පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් ටස්කින් අහ්මඩ් මෙම සංචිතය සදහා නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටීන ටමිම් ඉක්බාල්ට මෙම තරගය ද අහිමි වී ඇති නමුත්, නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ ශකිබ් අල් හසාන් ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් ශකිබ් අල් හසාන් පළමු තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 26 වනදා චිතගොං (Chattogram) හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad for 1st Test : Mominul Haque (C), Shadman Islam, Saif Hasan, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Litton Kumar Das, Nurul Hasan Sohan, Mehidy Hasan Miraz, Nayeem Hasan, Taijul Islam, Ebadot Hossain Chowdhury, Abu Jayed Chowdhury Rahi, Yasir Ali Rabbi, Mahmudul Hasan Joy, Rejaur Rahman Raja, Shakib Al Hasan (subject to being declared fit to play)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...