නයිට් රයිඩර්ස් පරදා ලහිරුගේ සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 69 ක ජයක් 

Date:

ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් (MLC) තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 69 ක ජයක් වාර්තා කිරීමට ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(13) පෙරවරුවේ සමත් වුණා.

Grand Prairie ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලොස් ඇන්ජලීස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ටෙක්සාස් කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව ටෙක්සාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 181 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ පන්දු 37 කින් ලකුණු 55 ක් රැස් කළ අතර, නායක ෆෆ් ඩු ප්ලෙසිස් පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ලහිරු මිලන්ත ලකුණු 17 යි. ඩේවිඩ් මිලර් පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 61 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මිචෙල් සැන්ට්නර් ලකුණු 21 ක් ද, ඩ්වේයන් බ්‍රාවෝ නොදැවී ලකුණු 16 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී අලී ඛාන් හා ලොකී ෆර්ගසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලොස් ඇන්ජලීස් කණ්ඩායමට පන්දුවාර 14 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

මාර්ටින් ගප්ටිල් තෙවැනි පන්දුවෙන් ලකුණු නොලබා දැවී ගියා. රයිලි රොසෝව් ලකුණු 4 කට දැවී ගිය අතර, ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අන්ඩ්‍රි රසල් පන්දු 34 කින් වේගවත් ලකුණු 55 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

ජස්කරන් මල්හෝත්‍රා ලකුණු 22 කට දැවී ගිය අතර, නායක සුනිල් නරේන් ලකුණු 15 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් මොහ්සින් ලකුණු 8 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...