ධනුෂ්ක, දික්වැල්ල හා මෙන්ඩිස්ට පැනවූ තරග තහනම ඉවතට

Date:

ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ට පනවා තිබූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අදාළ තහනම අවසන් වීමට නියමිතව තිබුණේ ලබන ජූනි මාසයේදී යි.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක  ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන් ඔවුන්ට එම තහනම පැනවුණා.

ඒ, ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ අනුවයි.

ඊට අමතරව අදාළ ක්‍රීඩකයින් තිදෙනාට මාස 6ක දේශීය තරග තහනමක්ද පැනවූ අතර, එම කාලය මේ වනවිට අවසන්ව තිබෙනවා.

එමෙන්ම එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10 බැගින් වන දඩ මුදලක්ද පැනවීමටයි පියවර ගෙන තිබුණේ.

තවද එම ක්‍රීඩකයින්ට වසර දෙකකට අත්හිටුවූ වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පැනවුණා.

ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරීම හේතුවෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට ඇතැම් විට එළඹෙන සිම්බාබ්වේ එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...