ධනුෂ්කට එරෙහි චෝදනා රැසක් ඉවත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිඩ්නි නුවර දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා හතරෙන් 3ක් එරට නීති බළධාරීන් විසින් ඉවත් කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද (18) සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේ දී යි.

පසුගිය වසරේ නොවැම්බර් දෙවැනිදා සිදු වූ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක දැඩි ඇප කොන්දේසි මත නිදහස් කෙරුණේ නොවැම්බර් 17 වැනිදායි.

එහිදී දිනපතාම පොලීසිය වෙත වාර්තා කළ යුතු බවට ඔහුට නියම කෙරුණු අතර, සමාජ මාධ්‍ය ගිණුම් පරිහරණය කිරීම අවහිර කිරීමටත්, රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීති කාලයකට ඔහුව යටත් කිරීමටත් ඇප කොන්දේසි යටතේ අධිකරණය පියවර ගත්තා. ඩොලර් 200,000 ක ඇපයක් මත එදින ඔහුව මුදා හැරුණේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ගනිමින්.

කෙසේ වෙතත්, අනතුරුව ධනුෂ්ක ගුණතිලකට පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට පසුගිය පෙබරවාරි මාසයේ දී පියවර ගැණුනු අතර, ඒ අනුව වට්ස්ඇප් භාවිතා කිරීම සදහා ඔහුට අවසර ලබා දීමටයි තීරණය කෙරුණේ. එමෙන්ම රාත්‍රී කාලයේ දී ඔහුට එරෙහිව පනවා තිබූ ඇදිරි නීතිය ද ඉවත් කිරීමට අධිකරණය නියම කළා.

ධනුෂ්ක ගුණතිලක ජූලි 13 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...