ධනංජය පළමු 10 දෙනා අතරට ළං වෙයි – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(27) නිවේදනය කළා.

ඊට අනුව එහි ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 දෙනා ආසන්නයට ළගා වීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සමත්ව තිබීම විශේෂත්වයක්.

ඒ, බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ධනංජය මේ වන විට පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 15 කින්.

ඔහුට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 695 ක් හිමිව ඇති අතර, එය ධනංජය ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයයි. ඒ අනුව පළමු ස්ථාන 10 අතරට පිවිසීමට ඔහු තවත් පිටුපසින් පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 40 ක් පමණයි.

ශ්‍රේණිගත ලකුණු 740 කට හිමිකම් කියන දිමුත් කරුණාරත්න පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි සම 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී ශතක දෙකක් වාර්තා කළ කමිදු මෙන්ඩිස් යළිත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරට ඇතුළත්ව ඇති අතර, ඔහු මේ වන විට සම 64 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී කඩුලු පහක් බිද හෙලූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 38 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

විශ්ව ප්‍රනාන්දු 43 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ද, ලහිරු කුමාර සම 46 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...