ධනංජය ඇතුළු පිරිසකට කැදවීමක් – කිහිප දෙනෙක් එළියට

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් හිටපු නායක චරිත් අසලංක ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි සංචිතයට කැදවීමට නියමිතව ඇති බව sunday times පුවත්පත වාර්තා කර තිබෙනවා.

චරිත්ට අමතරව මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ හා ධනංජය ද සිල්වා ද විස්සයි 20 සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම යොවුන් දග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙවීන් මැතිව් ද සංචිතය නම් කර තිබීම විශේෂත්වයක්.

භානුක රාජපක්ෂ, පවන් රත්නායක මෙන්ම විජයකාන්ත් වියස්කාන්ත් සංචිතයට නම් කර නොමැති බව සදහන්.

නිමා වූ පාකිස්තාන තරග සංචාරයේදී පැවැති තුන්කොන් විස්සයි 20 තරගාවලිය සදහා අසනීප තත්ත්වයක් හේතුවෙන් චරිත් අසලංක ක්‍රීඩා නොකළ අතර, ඒ අනුව දසුන් ශානක විසින් එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ දසුන් ශානකට එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය දක්වාම කණ්ඩායමේ නායකත්වය ලබා දීමටයි.

චරිත් අසලංක පසුගිය කාලයේදී ජාත්‍යන්තර විස්සයි 20 පිටියේදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත්ව තිබුණේ නැහැ.

මේ අතර, සංචිතයට කැදවා ඇතැයි වාර්තා වන ටෙස්ට් නායක ධනංජය ද සිල්වා අවසන් වරට විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2024 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදීයි.

Sri Lanka vs Pakistan T20I series

Jan 7 – 1st T20I
Jan 9 – 2nd T20I
Jan 11 – 3rd T20I

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...