ධනංජය ඇතුළු පන්දු යවන්නන් දඹුල්ල සුනුවිසුනු කරයි ; යාපනයට ලකුණු 176 ක දැවැන්ත ජයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරනු ලබන ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී දඹුල්ල කණ්ඩායම පරාජය කරමින් ලකුණු 176 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කිරීමට යාපනය කණ්ඩායම අද (24) සමත්වුණා.

එහිදී යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක්.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ නායක අශාන් ප්‍රියංජන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට යාපනය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි යාපනය කණ්ඩායම පන්දුවාර 47.1 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 255 ක් රැස්කිරීමට සමත්වුණා.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ධනංජය ද සිල්වා හතරේ පහරවල් 10 ක් සමගින් පන්දු 64 ක් තුළ ලකුණු 69 ක් රැස්කළා.

සධීර සමරවික්‍රම ලකුණු 40(41) යි. ළහිරු තිරිමාන්න ලකුණු 28(35) ක් ද සංතුෂ් ගුණතිලක ලකුණු 33(34) ක් ද වාර්තා කළා.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දෙමින් පන්දු 44 ක් තුළ ලකුණු 44 ක් රැස්කිරීමට ඉශාන් ජයරත්න සමත්වුණා. ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර, නුවන් තුෂාර, අනුක් ප්‍රනාන්දු සහ දුවිඳු තිලකරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 256 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට යාපනය පන්දු යවන්නන් සමත්වුණා.

නායක අශාන් ප්‍රියංජන් ලකුණු 32(42) ක් රැස්කළා. රොන් චන්ද්‍රගුප්ත ලකුණු 13(28) යි. සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යාමට යාපනය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ගයාන් මනීශාන් සහ පවන් රත්නායක ලකුණු නොලබා දැවී ගියා. සොනාල් දිනූෂ සහ ලසිත් අබේරත්නට ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණ බැගින් පමණයි. අනුක් ප්‍රනාන්දු ලකුණු 3 කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 4 කටත් දැවී ගියා.

ඒ අනුව සියලු දෙනා දැවී දඹුල්ල කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 79 ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ද සිල්වා කඩුලු 3 ක් බිඳ හෙලුවා. ඉශාන් ජයරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ සහ දිලුම් සුදීර අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...