ධනංජයගෙන් මීට වඩා දෙයක් ගන්න තිබ්බා : දග පන්දු පුහුණුකරු

Date:

ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ධනංජය ද සිල්වාට තවත් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යොමු කිරීමට ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි සේවාවක් ඔහුගෙන් ලබා ගැනීමට අවස්ථාව පැවැති බව ශ්‍රී ලංකා දග පන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග මහතා පවසනවා.

තරගයේ දෙවැනි දිනය අද (30) නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටියා. ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 212 ට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 101ක්.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් ලකුණු 107කට කඩුලු 4ක් දවා ගත්තා. ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවේ සෑම පන්දු යවන්නෙකුම පාහේ යම් ප්‍රහාරයකට ලක් වූ නමුත්, ධනංජය ද සිල්වා පන්දුවාර 5ක් පමණක් යොමු කරමින් ලකුණු 8කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

එතරම් අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දැරූ දග පන්දු යවන්නන්ට වඩා තමාට හොදින් පන්දුව පාලනය කළ හැකි බව පෙන්වා දී තිබියදීත් ධනංජයට පන්දුවාර 5ක් පමණක් යොමු කිරීමට අවස්ථාව ලබා දීම බොහෝ දෙනෙකුගේ විවේචනයට ද ලක් වූ කරුණක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළේ රමේෂ් මෙන්ඩිස්ට අනෙක් අන්තයෙන් සහායක් ලබා ගැනීම සදහා ධනංජය ද සිල්වාට තවත් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් ලබා දීමට අවස්ථාව පැවැති බවයි.

මේ අතර, දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර නොසිටීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.

දක්ෂතාවය හෝ තාක්ෂණික ගැටලුවක් ඊට බලපා නොමැති බවත්, පීඩනය දරා ගැනීම සම්බන්ධයෙන් වන මානසික ගැටලුවක් ඔහුට බලපා ඇති බවට තමාට නිරීක්ෂණය වන බවත් දග පන්දු පුහුණුකරු සදහන් කර සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...